ජනාධිපතිවරණයට නාමයෝජනා පිළිගත් 35 මෙන්න

ජනාධිපතිවරණයේ භාරදුන් නාමයෝජනා ඉදිරිපත් කළ 35 දෙනාගෙම නාමයෝජනා භාර ගත් බව මැතිවරණ කොමිසම පවසයි. ජනාධිපතිවරණයට පිළිගත් නාමයෝජනා පහතින් දැක්වේ: ජයන්ත කැටගොඩ සමරවීර වීරවන්නී අපරැක්කේ පුන්‍යානන්ද හිමි බත්තරමුල්ලේ සීලරතන හිමි රොහාන් පල්ලේවත්ත නාමල් රාජපක්ෂ අජන්තා විජේසිංහ පෙරේරා මිය බැද්දේගමගේ නන්දමිත්‍ර සමන්සිරි හේරත් ඒ.එස්.පි. ලියනගේ එම්.කේ. සිවාජිලිංගම් සමන් ප්‍රසන්න පෙරේරා සිරිපාල අමරසේන සරත් විජිතකුමාර කීර් ති රත්න අශෝක වඩිගමංගාව දුමින්ද නාගමුව ප්‍රියත් මුනියන් එදිරසිංහ ආරියවංශ දිසානායක අජන්ත ද සොයිසා චමින්ද අනුරුද්ධ මිල්රෝයි ප්‍රනාන්දු අහම්ඩ් හසන් මොහොමඩ් අලෙවි වජිරපානි විජයසිරිවර්ධන අනුර කුමාර දිසානායක අරුන ද සොයිසා එම්.එල්.ඒ. හිස්බුල්ලා ඉල්ලෙයාස් හයිදුරුස් මොහොමඩ් බසීර් සේගුදාවුද්…

Read More

නාගාගේ ඡන්දයත් වෙනත් අයෙකුට

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු මහතා අනුර කුමාර දිසානායක මහතාට සහය දීමට තීරණය කර අැතැයි වාර් තා වෙයි. අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයාය.

Read More

චමල්, වෙල්ගම නාමයෝජනා නෙදෙයි

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙක් නාමයෝජනා බාර දී තිබේ. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අැප තැන්පත් කළ චමල් රාජපක්ෂ මහතා සහ කුමාර වෙල්ගම අැතුළු 6 දෙනෙක් නාමයෝජනා බාර දී නොමැත. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා 41 දෙනෙක් අැප තැන්පත් කර සිටි අතර නාමයෝජනා භාරගැනීම අද(07) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා සිදුවිය.

Read More

සෙත්සිරිපායෙන් වැටී අයෙක් මරුට

බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12වන මහලේන් ඇද වැටිමෙන් පුද්ගලයෙකු මිය ගොස් අැත එහි සේවකයෙක් වන මෙම පුද්ගලයා අද (07) උදෑසන 7- 8 අතර කාලය තුළ ගොඩනැගිල්ලේ 12වන මහලේ සිට 3වන මහලේ ඇති එළිමහන් පිටයට ඇද වැටි තිබුණි.

Read More

ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගනී

නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද(07) සිදුකිරීමට නියමිතයි. අද පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී නාමයෝජනා භාරගැනීම සිදුකිරීමට නියමිතය. නාමයෝජනා වෙනුවෙන් විරෝධතා දැක්වීම සදහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව හිමි වෙයි මෙවර ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ඊයේ මධ්‍යහ්න 12 න් අවසන් වු අතර අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත. පිළිගත් දේශපාලන පක්ෂ 19කින්, ස්වාධීන කණ්ඩායම් 19කින් සහ වෙනත් පක්ෂ 03කින් අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කර තිබුණි.

Read More

SB, ඩිලාන් පොහොට්ටුවට

එස්. බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇත.එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතින්, ඔවුහු පක්ෂ  සාමාජිකත්වය ලබා ගත් බව වාර්තා වෙයි.

Read More

දුමින්ද කොමිසමට

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල මිලියන 21ක් වැනි අධික මිලට කූලියට ලබා ගැනිම සම්බන්ධ පැමිණිල්ල සඳහා හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා අද දිනයේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිතව ඇත. තවද අදාල ගොඩනැඟිල්ල පිහිටි ඉඩමට කොළඹ දිසා අධිකරණයේ බෙදුම් නඩුවක් පවතින බැවින් මෙසේ බදු දීමට නීතිමය හැකියාවක් නොමැති බවට  අතුරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ දර්ශන සුරේන් මහතා ද අද දිනයේ කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීමට නියමිතයි.

Read More

අසල්වැසියන් හමුවෙයි

ඉන්දීය හිටපු නාවික හමුදාධිපති වරයෙකු වු අද්මිරල් සුනිල් ලන්බා මහතා ඊයේ (අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති,වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. එම අවස්ථාව සඳහා ඉන්දියානු ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ ද සහභාගි විය.   එහිදී, ඔවුන් සුහද කතාබහක නිරත වු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Read More

හමුදා කඳවුරු සඳහා අත්‍යවශ්‍ය ඉඩම් නිදහස් කරන්නේ නෑ

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි, තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් එම ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදළ අංශවලට උපදෙස් දෙයි. යුද්ධය අවසන්වන විට ආරක්ෂක අංශ යටතේ තිබු උතුරේ පුද්ගලික සහ රජයේ ඉඩම් නැවත එහි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට පසුගිය අවුරුදු 05 තුළ රජය විශේෂ කැපවීමකින් කටයුතු කළ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

Read More

සුරක්ෂා ප්‍රතිලාභ හිමි සිසුන්ට පන්නිපිටිය පුද්ගලික රෝහලෙන් වැඩිපුර රුපියල් හතලිස් දහසක්

මෙරට  ප්‍රමුඛපෙළේ   පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල අලියාන්ස් රක්ෂණ සමාගම සමගින් එක්ව,සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය හිමි සියලුම සිසු සිසුවියන්ගේ ප්‍රතිකාර සදහා 20%ක සුවිශේෂී වට්ටමක් හදුන්වාදී තිබේ.සුරක්ෂා රක්ෂණාවරණයෙන් පිරිනැමෙන ප්‍රතිලාභ උපරිම ලෙස අත්විදීමේ අවස්ථාව මෙමගින් සිසු සිසුවියන්ට හිමිවන බව පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති  , ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යංශය සහ අලියාන්ස් රක්ෂණ සමාගම එක්ව ක්‍රියාත්මක කරනු ලබන සුරක්ෂා සිසු රක්ෂණාවරණය සදහා දිවයින පුරා පිහිටි රජයේ පාසල්,රජයේ අනුමත පෞද්ගලික පාසල්,පිරිවෙන් අධ්‍යාපන ආයතන,විශේෂ අධ්‍යාපන ආයතන සහ ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලබන අවුරුදු 5-21 අතර වන සිසු සිසුවියන් මිලියන 4.5ක් පමණ සුදුසුකම් ලැබ…

Read More