කුණාටුවට ගාලු වරායේ නැවක් ගසාගෙන යයි

ගාල්ල පිටත වරායේ නැංගුරම්ලා තිබූ නැවක් ඊයේ (18) සවස ඇති වූ සුලඟට අසුවී නැංගුරම් ද කඩාගෙන ගසාගෙන ගොස් රූමස්සල සාම චෛත්‍ය අසල ගල් පරයක වැදී හිරවී තිබෙන බව වරාය පොලීසිය පවසයි. මෙසේ ගසාගෙන ගොස් ඇත්තේ ගාල්ල රුහුණු සිමෙන්ති කම්හලට ක්ලින්කර් ගෙන එන ලද ‘ශ්‍රී ලංකා ග්ලෝරි’ නැවයි. මේ නැවේ 15ක පමණ පිරිසක් සිටින බවද පොලිසිය පවසයි. ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවලට තද සුළං සමග ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙමින් පවතින අතර මුහුද ඉතා රළු වෙමින් ඇති හෙයින් එම ස්ථානයට යාමටද අපහසුවී තිබේ. මෙම නෞකාවේ සිටි පිරිස බේරා ගැනීමේ කටයුතු ඊයේ රාත්‍රිය පුරාම…

Read More

ගිනිගත්හේනේ වෙළදසැල් 10ක් නායයයි එක් අයෙක් අතුරුදහන්

අධික වර්ෂාව සමඟ ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් මහවැලි ගග දෙසට නායගොස් වෙළදසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වි තිබේ. අද (19) අලුයම 2 ට පමණ මෙම නාය යාම සිදු වි ඇති අතර ගිනිගත්හේන පොලිසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටක් මෙසේ නාය ගොස් ඇත. ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ අවධානමක් පවතින නිසා පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ. දෙමහල් ගොඩනැගිලි සහිත නාය ගිය වෙළදසැල් අතර සිල්ලර වෙළදසැල් කිහිපයක් , එලවළු අලෙවි කරන වෙලදසැල් කිහිපයක්, අවහන්හල් දෙකක්, සැලුනයක් සහ විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙලදසැලක් තිබී…

Read More

FaceApp රැල්ල නිසා පරිශීලකයන්ගේ දත්ත අනතුරේ

සමාජ මාධ්‍යවල නවතම FaceApp රැල්ල නිසා පරිශීලකයන්ගේ දත්ත අනතුරට ලක්ව ඇති බව තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. මෑතකදී සමාජ මාධ්‍ය අඩවිවල #AgeChallenge (#FaceAppChallenge) ලැව්ගින්නක් සේ පැතිර යන අතර, සෑම කෙනෙකුම එය රැල්ලකට සිදුකරමින් සිටියි. මෙම යෙදුම හට ජනප්‍රියතාවය හදිසියේ වැඩිවීමත් සමඟ එම යෙදුම භාවිතා කරන පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කරමින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය රැකගැනීමට යෙදුම නිර්මාණය කරන ලද පිරිස් කටයුතු කරන්නේද යන්න පිළිබඳ නව ප්‍රශ්න මතු වී ඇති බව තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි විශේෂයෙන්ම ඔබගේ ජංගම දුරකතනයේ ඇති සියලුම චායාරූප එම යෙදුම නිර්මාණය කළ පුද්ගලයන් වෙත උඩුගත කරන්නේද යන්න පිළිබඳව විශාල ගැටලුවක්…

Read More

පූජිතට හා හේමසිරිට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්වරුන් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(09) නියෝග කර තිබේ. පූජිත් ජයසුන්දර නාරහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී සිටියදී පසුගියදා අත්අඩංගුවට ගැණුනු අතර හේමසිරි ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගැණුනේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී සිටියදීයි. පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් ලෙස නම් කෙරුණු පොලිස්පති  පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය තුන්වනදා සිට අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Read More

මම ඉල්ලා අස්වෙන්නේ නෑ – හතුරුසිංහ පවසයි

පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට තමන්ට තදින්ම බලපෑම් කෙරෙන නමුත් තමන් තනතුරෙන් ඉල්ලා අස් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි. ඊයේ පෙරවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී හතුරුසිංහ මහතා එසේ කියා සිටියේය. කෙසේ වෙතත් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ජාතික පුහුණුකරුවා තනතුරෙන් ඉවත් නොවන්නේ නම් ඔහුට ඉහළින් උපදේශකවරයකු පත්කරන බවයි. කොළඹදී අද පැවැති පුවත් පත් සාකච්ඡාවේදී හතුරුසිංහ මහතා අවධාරණය කර සිටියේ තමන් තනතුරෙන් ඉවත් නොවන බවත් ක්‍රීඩකයන්ගෙන් මීට වඩා යමක් බලාපොරෙත්තු වන බවත්ය. “මට තවත් මාස 16 ක් තියෙනවා. මගේ ගිවිසුම…

Read More

හේමසිරි හා පූජිත ජුලි 9 දක්වා රිමාන්ඩ්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජූලි 9වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන  ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(03) නියෝග කළාය. රෝහල්ගතව සිටියදී අනිවාර්ය නිවාඩු මත සිටින පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ(02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගැණුණි. පාස්කු ඉරුදින එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානි සම්බන්ධයෙන් සාපරාධී වගකීමක් ඇති බවට විමර්ශනවලින් හෙළි වූ සාක්ෂි මත පොලිස්පති පූජිත් ජයසුන්දර සහ  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය…

Read More

දුම්රිය වර්ජනය ගැන වෘත්තීය සමිති තීන්දුවක් ගනී

සෑම බ‍්‍රහස්පතින්දාවකම මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. තමන් වෙත ලැබී ඇති නීති උපදෙස් මත මේ තිරණය ගත් බව වෘත්තීය සමිති පවසයි. කෙසේවෙතත් ඔවුන් පවසන්නේ ප‍්‍රවාහන බලධාරීන් දුම්රිය සේවක අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට එරෙහිව ඉදිරියේදී දැඩි වෘත්තිය කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවයි. දුම්රිය වෘත්තිය සමිති මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (03) පෙරවරුවේ රැස්වීමට නියමිතය.

Read More

ඉන්දියාව අර්ධ අවසන් පුර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගනී

ඉන්දියාව හා බංග්ලාදේශයට අතර ඊයේ පැවති ලෝක කුසලාන එක්දින තරඟයෙන් ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. ඉන්දියාව ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය ස්ථීර කර ගැනීමට සමත් විය. ඒ අනුව ප්‍රසාද ලකුණු 13 ක් ලබා ඇති ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි. මෙම තරගයේ පරාජයත් සමගින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අතහැර ගැනීමට බංග්ලාදේශයට සිදුවිය. ඉන්දියාව – ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 314 (රෝහිත් ශර්මා 104, ලොකේෂ් රාහුල් 77, විරාට් කෝලි 26, රිෂාබ් පාන්ට් 48, මහේන්ද්‍ර සිං දෝනි 35, මුස්තෆිසුර් රොහෙමාන්…

Read More

CID එන්නැයි කියු හේමසිරිට හදීසි හෘද්‍යබාධයක්

hemasiri fernando

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හදීසි හෘද්‍යාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද්‍ය දැඩි සත්කාර ඒකකය වෙත අද උදෑසන ඇතුළත් කර තිබේ. අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ට දැනුම් දී තිබුණි. පාස්කු ඉරු දින ප්‍රහාරවලින් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානී සම්බන්ධයෙන් අදාළ තැනැත්තන් දෙදෙනාට සාපරාදී වගකීමක් ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවත් ඔවුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දී තිබු බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි…

Read More

උණ නිසා නුවන්ට අද තරඟය මඟහැරෙයි

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟය සඳහා නුවන් ප්‍රදීප් සහභාගී නොවන බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ නුවන් ප්‍රදීප් උණ රෝගයෙන් පෙළීම නිසාය. ශ්‍රී ලංකාව මෙතෙක් ජය ලැබූ ඇෆ්ඝනිස්තානය සහ එංගලන්තයට එරෙහිව තරග දෙකේදීම ප්‍රදීප් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත විය.

Read More