ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව හතුරුසිංහ ඇතුළු පුහුණුකාර මණ්ඩලයම ඉවත් කරයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව එළැඹි තීරණයක් අනුව  චන්දික හතුරුසිංහ ඇතුළු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයට එළඹෙන බංග්ලාදේශ තරගාවලියෙන් පසු ඔවුන්ගේ ධුරවලින් ඉවත් වන්නැයි දැනුම් දෙන ලෙස කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මීට පෙර උපදෙස් දී තිබුණ බව සදහන් වේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සෙසු පුහුණුකරුවන්ටද ඔවුන්ගේ ධුරවලින් ඉවත් වන ලෙස දැනුම්දීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත්තේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වන්නැයි චන්දික හතුරුසිංහ වෙත නිල වශයෙන් දැනුම්දීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.  

Read More

අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාවක් දෙමාපියන්ට සැර වචන වලින් සලකයි

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ ඉන්න ගුරුවරුන් වැඩි පිරිසක් හරියට වැඩ කරන්නේ නැහැ. ඒක මම දන්න නිසා මගේ දරුවනුත් ටියුෂන් පන්ති යවල තමයි, උගන්නන්නේ යැයි අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කළා යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් වයි වික්‍රමසිරි මහතා ප්‍රකාශ කළේය. මේ අම්මල තාත්තලටත් මම කියන්නේ හොඳ ටියුෂන් පන්තියක් තෝරාගෙන දරුවන්ට උගන්වන්න යනුවෙන්ද කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාව ප්‍රකාශ කළා යැයි දෙමව්පියන් මෙහිදි පෙන්වා දුන්නේය. අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් රැසක පවතින ගුරු හිගය පිළිබදව අධ්‍යාපන කලාප අධ්‍යක්‍ෂිකාවට පැමිණිලි කිරිමට ගිය අවස්ථාවේ දී ඇය ඉහත ප්‍රකාශය කල බව දෙමාපියෝ…

Read More

උපනන්ද විදුහලේ වෙඩි තැබීම සිදුකළ සෙබලා අත්අඩංගුවට

  අක්මීමන උපනන්ද විදුහලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකුට වෙඩි තැබීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් එම වෙඩි තැබීම සිදුකළ යුද හමුදා සෙබලා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය. අද මධ්‍යා්හන 12.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුවිය. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකි. යුද හමුදා සෙබලාගේ ගිනි අවිය උඳුරාගැනීමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

Read More