හරීන් ඉල්ලා අස්වෙයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණයෙන් පරාජයවීමත් සමග හරීන් ප්‍රනාන්දු අැමතිවරයාද ඉල්ලා අස්වී තිබේ. විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු කළ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධූරයෙන් මෙන්ම පක්ෂයේ දරණ ලද සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බවසිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

Read More

ගෝඨාභයට සුභපතමින් සජිත් තනතුරු අතහරී

ශ්‍රී ලංකාවේ 7වැනි ජනාධිපතිවරයා ලෙසින් තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට තම සුබපැතුම් එක්කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ උප නායක තනතුරෙන්ද ඉල්ලා අස්වන බව ප්‍රේමදාස මහතා ලිපියක් මගික් වැඩිදුරටත් පවසයි වසර 26ක දේශපාලන දිවියට මෙන්ම තමන් මත විශ්වාසය තබා තමන් වෙනුවෙන් ඡන්දය භාවිත කළ සෑමදෙනාටම සිය ස්තූතිය පුදකරන බවත් ඉදිරි සති කිහිපයේදී සිය ජනපති අපේක්ෂාව සහාය පළකල සියලුදෙනා, තමා වෙනුවෙන් පෙනී සිටි ජනතාව හා සිය ආදරණීයයන් සමගින් සාකච්ඡා කර දේශපාලන දිවියේ අනාගතය සම්බන්ධයෙන් ගන්නා තීන්දුවට එළඹෙන…

Read More

ජනාධිපති ඡන්දෙ දමයි

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී තම ඡන්දය ප්‍රකාශ කළේය. ඒ පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දීය

Read More