SB, ඩිලාන් පොහොට්ටුවට

එස්. බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇත.එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතින්, ඔවුහු පක්ෂ  සාමාජිකත්වය ලබා ගත් බව වාර්තා වෙයි.

Read More

දුමින්ද කොමිසමට

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල මිලියන 21ක් වැනි අධික මිලට කූලියට ලබා ගැනිම සම්බන්ධ පැමිණිල්ල සඳහා හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා අද දිනයේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිතව ඇත. තවද අදාල ගොඩනැඟිල්ල පිහිටි ඉඩමට කොළඹ දිසා අධිකරණයේ බෙදුම් නඩුවක් පවතින බැවින් මෙසේ බදු දීමට නීතිමය හැකියාවක් නොමැති බවට  අතුරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ දර්ශන සුරේන් මහතා ද අද දිනයේ කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීමට නියමිතයි.

Read More

අසල්වැසියන් හමුවෙයි

ඉන්දීය හිටපු නාවික හමුදාධිපති වරයෙකු වු අද්මිරල් සුනිල් ලන්බා මහතා ඊයේ (අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති,වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. එම අවස්ථාව සඳහා ඉන්දියානු ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ ද සහභාගි විය.   එහිදී, ඔවුන් සුහද කතාබහක නිරත වු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Read More

හමුදා කඳවුරු සඳහා අත්‍යවශ්‍ය ඉඩම් නිදහස් කරන්නේ නෑ

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි, තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් එම ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදළ අංශවලට උපදෙස් දෙයි. යුද්ධය අවසන්වන විට ආරක්ෂක අංශ යටතේ තිබු උතුරේ පුද්ගලික සහ රජයේ ඉඩම් නැවත එහි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට පසුගිය අවුරුදු 05 තුළ රජය විශේෂ කැපවීමකින් කටයුතු කළ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

Read More