සුරක්ෂා ප්‍රතිලාභ හිමි සිසුන්ට පන්නිපිටිය පුද්ගලික රෝහලෙන් වැඩිපුර රුපියල් හතලිස් දහසක්

මෙරට  ප්‍රමුඛපෙළේ   පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල අලියාන්ස් රක්ෂණ සමාගම සමගින් එක්ව,සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය හිමි සියලුම සිසු සිසුවියන්ගේ ප්‍රතිකාර සදහා 20%ක සුවිශේෂී වට්ටමක් හදුන්වාදී තිබේ.සුරක්ෂා රක්ෂණාවරණයෙන් පිරිනැමෙන ප්‍රතිලාභ උපරිම ලෙස අත්විදීමේ අවස්ථාව මෙමගින් සිසු සිසුවියන්ට හිමිවන බව පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති  , ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශය සහ අලියාන්ස් රක්ෂණ සමාගම එක්ව ක්‍රියාත්මක කරනු ලබන සුරක්ෂා සිසු රක්ෂණාවරණය සදහා දිවයින පුරා පිහිටි රජයේ පාසල්,රජයේ අනුමත පෞද්ගලික පාසල්,පිරිවෙන් අධ්‍යාපන ආයතන,විශේෂ අධ්‍යාපන ආයතන සහ ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලබන අවුරුදු 5-21 අතර වන සිසු සිසුවියන් මිලියන 4.5ක් පමණ සුදුසුකම් ලැබ සිට්‍ති.මෙමගින් ඔවුන්ට රෝහලක නේවාසිකව හෝ බාහිර ප්‍රතිකාර ලැබීමේදී රුපියල් ලක්ෂ 2ක් දක්වා වන වාර්ෂික රක්ෂණාවරණයක් හිමිවේ.පන්නිපිටිය පෞද්ගලික රෝහල විසින් එම ප්‍රතිකාර සදහා රෝහල් සහ වෛද්‍ය ගාස්තුවලින් 20%ක වට්ටමක් පිරිනැමීමත් සමග සිසු  සිසුවියන්ට සුරක්ෂා රක්ෂණාවරණයෙන් හිමිවන ප්‍රතිලාභවල වටිනාකම තවත් ඉහළගොස් තිබේ.ප්‍රතිකාර වෙනුවෙන් ගෙවිය යුතු මුදල මුලින් තැන්පතු මුදලක් ලෙස රෝහල වෙත ගෙවීමෙන් තොරව, රක්ෂණ ආයතනය හරහා ඝෘජුවම බිල්පත් ගෙවීමේ පහසුකමද සුරක්ෂා රක්ෂණාවරණය හිමි සැමට පන්නිපිටිය පෞද්ගලික රෝහලේදී හිමිවන තවත් වරප්‍රසාදයකි. මේ පිළිබඳ සියලු විමසීම් සඳහා 0112840065 සහ  0115886500  යන දුරකථන අංක විවෘත කරතිබේ.

“ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්ම නොමිලේ හඳුන්වාදී තිබෙන සුරක්ෂා රක්ෂණාවරණයෙන් සිසු දරුදැරියන්ට වගේම ඔවුන්ගේ දෙමාපියන්ටත් අත්වන්නේ විශාල සහනයක්.අනවශ්‍ය වියදම් කපාහැර, එයින් ලැබෙන ප්‍රතිලාභද රෝගීන් වෙත පිරිනමන,ලාභයම අරමුණු කර නොගත් රෝහලක් ලෙස අප රෝහල මෙම වැඩසටහන සමග අත්වැල් බැඳගත්තේ ඉතා සතුටින්.එමෙන්ම එපමණකින් නොනැවතී, සමාජ වගකීමක් සහිත රෝහලක් ලෙස අපේ පාර්ශ්වයෙන්ද මේ සඳහා යම්කිසි දායකත්වයක් ලබාදියයුතු යැයි අප තීරණය කළා.සුරක්ෂා රක්ෂණාවරණය යටතේ ලබාගන්නා සියලු ප්‍රතිකාර සඳහා අන් කිසිදු පෞද්ගලික රෝහලකින් නොලැබෙන ආකාරයේ 20%ක සුවිශේෂී වට්ටමක් හඳුන්වාදුන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.”යනුවෙන් පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවසීය.

 

රෝහලේ සියලුම අංශ වෙනුවෙන් පිරිනමනු ලබන ISO 9001-2008සහතිකය දිනාගත් , ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහල වන පන්නිපිටිය පෞද්ගලික රෝහල රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම පිණිස පිරිනමනු ලබන OHSAS 18001-2007 ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සහතිකය ඇතුළු දේශීය සහ අන්තර්ජාතික ප්‍රමිති සහතික සහ සම්මාන රැසකින් පිදුම් ලබාතිබේ.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවීනතම තාක්ෂණය නිරන්තරයෙන් හඳුන්වාදීමට කටයුතු කරන පන්නිපිටිය පෞද්ගලික රෝහල  5D අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනින් පරීක්ෂණ ඇතුළුව අධි තාක්ෂණික වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර රැසක් පළමුවරට ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් රෝහල ලෙසද ප්‍රකටව සිටියි.

157total visits,2visits today

Related posts

Leave a Comment