පොහොට්ටු සම්මේලනයට ගිය අතේ නියෝජිතයන්ට වෙච්ච දේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවට පිටින් ගිය එස්. බී. දිසානායක, සරත් අමුණුගම, ඩිලාන් පෙරේර, රෙජිනෝල්ඩ් කුරේ, මොහාන් ලාල් ගේ‍්‍රරු යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර ති⁣බේ.

පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මහා සම්මේලනයට සහභාගි නොවීමට ගත් තීරණයට පිටින් මෙම මන්ත‍්‍රීවරු පිරිස එය⁣ට සහභාගි වූහ.

ඒ අනුව එස්. බී. දිසානායක මහතා දැරූ භාණ්ඩාගාරික තනතුරට ලසන්ත අලගියවන්න මහතා පත්කර ඇත. වීරකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇත. එම තනතුර මීට පෙර දැරුවේ මහින්ද සමරසිංහ මහතාය.

95total visits,2visits today

Related posts

Leave a Comment