අගමැති ලේකම් ජනපති කොමිසමට

2015 සිට රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අද (27) පෙනී සිටියේය.

කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යන මෙම මතභේදාත්මක ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව සිදු කරන විමර්ශන සඳහා කරුණු විමසීමට මෙලෙස අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා කැඳවා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය බදු ගිවිසුමක් මත මේ ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන අතර ඊට අදාළ කැබිනට් පත‍්‍රිකාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ  බවට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය. ඒ අනුව අදාළ කැබිනට් පත‍්‍රිකාවේ ඇතුළත් කරුණු හා ඊට අදාළ ලිපිගොනුව ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස ඒකනායක මහතාට  වෙත දැනුම් දී ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යන මෙම මතභේදාත්මක ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා සාක්‍ෂි ලබාදීමට හිටපු ඇමැති කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක, ප‍්‍රවීණ රංගන ශිල්පිණී සබීතා පෙරේරාද ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ මීට පෙර පෙනී සිටියහ.

283total visits,3visits today

Related posts

Leave a Comment