ජල ප්‍රශ්නයකට අක්කයි මල්ලියි මරා දමලා

වෙන්නප්පුව-වයික්කාල ප්‍රදේශයේ නිවසක සිටි තරුණියක  සහ පිරිමි ළමයෙකු ඝාතනය කර ඇත. තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනයන් සිදු කර ඇති අතර ඝාතනයවූ තරුණිය 19  වන වියෙහි පසුවන අතර අනෙක් දරුවා වන  8 හැවිරිදි ඇයගේ සොයුරාය.

Read More

අගමැති ලේකම් ජනපති කොමිසමට

2015 සිට රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අද (27) පෙනී සිටියේය. කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යන මෙම මතභේදාත්මක ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව සිදු කරන විමර්ශන සඳහා කරුණු විමසීමට මෙලෙස අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා කැඳවා තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය බදු ගිවිසුමක් මත මේ ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන අතර ඊට අදාළ කැබිනට් පත‍්‍රිකාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ  බවට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය. ඒ අනුව අදාළ කැබිනට් පත‍්‍රිකාවේ ඇතුළත් කරුණු හා ඊට අදාළ ලිපිගොනුව ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත්…

Read More

පොහොට්ටු සම්මේලනයට ගිය අතේ නියෝජිතයන්ට වෙච්ච දේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවට පිටින් ගිය එස්. බී. දිසානායක, සරත් අමුණුගම, ඩිලාන් පෙරේර, රෙජිනෝල්ඩ් කුරේ, මොහාන් ලාල් ගේ‍්‍රරු යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර ති⁣බේ. පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මහා සම්මේලනයට සහභාගි නොවීමට ගත් තීරණයට පිටින් මෙම මන්ත‍්‍රීවරු පිරිස එය⁣ට සහභාගි වූහ. ඒ අනුව එස්. බී. දිසානායක මහතා දැරූ භාණ්ඩාගාරික තනතුරට ලසන්ත අලගියවන්න මහතා පත්කර ඇත. වීරකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇත. එම තනතුර මීට පෙර දැරුවේ මහින්ද සමරසිංහ මහතාය.

Read More