හි⁣ටපු ඇමති 10ක් හා ආණ්ඩුකාරවරයෙක් තවම නිල නිවාසවල?

හිටපු ඇමැතිවරුන් දස දෙනෙකු සහ ආණ්ඩුකාරවරයෙකු තවමත් සිය නිල නිවාස භාර දී නැතැයි වාර්තා වෙයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මොවුන් අමාත්‍ය ධුරවලින් ඉවත් වීමෙන් පසු  නිල නිවාස භාර දෙන ලෙස අවස්ථා කිහිපයකදී ඔවුන්ට දැනුම් දී ඇත.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, චන්දිම වීරක්කොඩි, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ටී. බී. ඒකනායක, ෆයිසර් මුස්තාෆා,  දුලිප් විජේසේකර,සුමේධා ජයසේන යන මන්තී‍්‍රවරුන්  තවමත් ඇමති නිල නිවාස භාවිත කරන බව වාර්තා වෙයි.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ද සිය නිල නිවස භාර දී නැති බවද වාර්තා වෙයි.

200total visits,3visits today

Related posts

Leave a Comment