කෙරවලපිටියට කුණු දැමීම අත්හිටුවයි

වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ බාරගැනීමේ කටයුතු වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඊයේ (05) සිට නැවැත්වීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මෙම කසළ අංගනය කොළඹ නගරයේ ඇතිවූ හදිසි කසළ ගැටළුවට තාවකාලික පිළියමක් ලෙස වසරක කාලසීමාවකට යටත්ව ආරම්භ කලද මේවන විටත් වසර දෙකකට වැඩි කාලසීමාවක් පවත්වාගෙන ගොස් ඇති බව එම අමාත්‍යාංශය දන්වයි.

ලබාගත හැකි කසළ ධාරිතාව ඉක්මවා යාම නිසා අංගනයට කසළ බැහැර කිරීම නැවැත්වීමට පියවර ගෙන ඇත.

101total visits,6visits today

Related posts

Leave a Comment