ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර රෝහිතගේ මාමණ්ඩියට

නවසීලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළේ තාවකාලික පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ලී ජයරත්න පත් කිරීමට තීරණය කර තිබේ. ජෙරම් ලී ජයරත්න පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය ක⁣ළේය. ඔහු  මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින  අයි.සී.සී සිවුවෙනි මට්ටම (Level 4 qualified) සමත් වූ පුහුණුකරුවෙක් වීම විශේෂත්වයකි. ජෙරම් ජයරත්න මහතා ⁣රෝහිත රාජපක්ෂගේ මාමණ්ඩිය වේ.

Read More

හිරෝෂිමා ඛේදවාචකයට වසර 74යි

පුද්ගලයන් 140,000කට මරු කැඳවු ජපානයේ  හිරෝෂිමා ඛේදවාචකයට අදට (අගොස්තු 6) වසර 74ක් සපිරේ. දෙවන ලෝක යුධ සමයේ දී 1945 දී අද වැනි දිනක ජපාන වේලාවෙන් පෙරවරු 8.15 පමණ ඇමරිකාව විසින් හිරෝෂිමා නගරයට න්‍යෂ්ටික ⁣බෝම්බ ප්‍රහාරය එල්ල විය. ඒ අවස්ථාව සිහිකරමින් අද හිරෝෂිමා නගරයේ පිහිටි ස්මාරකය අභියස සැමරුම් උත්සවයක් පැවැත්වුණි. එම අවස්ථාවට ජපාන අගමැති ශින්ෂෝ අබේ මහතා ඇතුලු ප්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් විශාල පිරිසක් සහභාගිවූහ.

Read More

රනිල් තේරීම් කාරක සභාව හමුවට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද (06)  සාක්ෂිදීමට නියමිතය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන හා අමාත්‍ය සාගල රත්නායක, ඇමති රංජිත් මද්දුමබණ්ඩාර අද දිනයේ සාක්ෂි ලබා දුන්නේය.

Read More

කෙරවලපිටියට කුණු දැමීම අත්හිටුවයි

වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ බාරගැනීමේ කටයුතු වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඊයේ (05) සිට නැවැත්වීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇත. මෙම කසළ අංගනය කොළඹ නගරයේ ඇතිවූ හදිසි කසළ ගැටළුවට තාවකාලික පිළියමක් ලෙස වසරක කාලසීමාවකට යටත්ව ආරම්භ කලද මේවන විටත් වසර දෙකකට වැඩි කාලසීමාවක් පවත්වාගෙන ගොස් ඇති බව එම අමාත්‍යාංශය දන්වයි. ලබාගත හැකි කසළ ධාරිතාව ඉක්මවා යාම නිසා අංගනයට කසළ බැහැර කිරීම නැවැත්වීමට පියවර ගෙන ඇත.

Read More