සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ සාලින්ද දිසානායක මහතා අද(5) පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

Read More

හතුරුසිංහ ඉවතට?

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුව ඉදිරි පැය 24 තුළ අහෝසි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇතැයි ආරංචි මර්ග පවසයි.

Read More

හතුරුව වහා ඉවත්කරන්න හරීන් දන්වයි?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරු ධුරය දැරූ චන්දික හතුරුසිංහ මහතා නවසීලන්තය තරගාවලියේ පුහුණුකරු ලෙස තබා නොගන්නා ලෙස ක්‍රීඩා ඇමතිවරයා දන්වා ඇතැයි වාර්තා වෙයි. ඒ බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

Read More

සහරාන් සමග පුහුණුවූ තිදෙනෙක් අත්අඩංගුවට

තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිමී හෙවත් JMI නැමති  සමාජිකයින් තිදෙනෙකු අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මොහොමඩ් සහරාන් සමග අවි පුහුණුව ලබා ඇති බව පොලීසිය පවසයි එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොහොමඩ් මන්සුර් සෙයිෆුල්ලා හක් නොහොත් අබුසහීඩ්, මුස්තාක් අලි අම්හර් නොහොත් අබුහින්ඩ් සහ මෙහොමදු තාහීර් හිදයතුල්ලා නොහොත් අබුතුරාබ් යන අයයි. ඔවුන් ගෙලිඔය සහ මානවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මෙහොමදු තාහීර් හිදයතුල්ලා ඕලුවිල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන බවද පොලීසිය සඳහන් කළේ ය.

Read More

කැනඩාවේ පීල් පොලිස්පතිවූ ලංකාවේ නිශාන්

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ඉතිහාසයේ පළමු වතාවට දකුණු ආසියානුවකුට පොලිස් ප්‍රධානි තනතුරක් පිළිගන්වමින් ශ්‍රී ලාංකිකයකු වන නිශාන් දුරෙයිඅප්පා මහතා පීල් මහනගර සභා පොලිස්පති තනතුරට පත්කරගෙන තිබේ. එමෙන්ම මෙය උතුරු අමෙරිකාවේ ඉහළ පොලිස් තනතුරකට පත්කෙරෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පළමු තැනැත්තා ද වනු ඇති බව එරට වාර්තා පවසයි. යාපනයේ හිටපු නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පාගේ ඥාති පුතෙකු වන නිශාන් වයස අවුරුදු 3දී කැනඩාවේ පදිංචියට ගොස් ඇත. පසුව ඔහු පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස 1995දි කැනඩා  පොලීසිය බැඳී තිබේ. මීට සිව් වසරකට පමණ පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස්වීම් ලාබා ඇති නිශාන්  ඔක්තෝබර් පළමුවනදා සිට පීල් මහනගර සභා…

Read More

ගණිත ගුරා ඇතුලු 8කට ඇප

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීම සම්බන්ධයෙන් රිමාන්ඩ් කර  සිටි ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ඇතුළු‍ 8 දෙනා ඇප මත මුදා හැර ඇත. මොවුන් අද(05) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන්ට රුපියල් ලක්ෂ 2 ක බැගින් වු ශරීර ඇප මත මුදාහැරීමට  අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය නියෝග කළාය.

Read More

මේ මස අවසානයට පෙර පෙරමුණ හදනවා

අගෝස්තු මාසය අවසන්වීමට පෙර  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිතකිරීම අද (5) දිනට නියමිතව තිබූ නමුත් එහි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතිවු ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් එය කල් යවා තිබුණි.

Read More

ලකීට අනෝමාට රාජ්‍ය ඇමති ධූර

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඉදිරියේ දිව්රුම් දුන්හ. ඔවුන්ගේ නම් පහත පරිදි වේ. ලකී ජයවර්ධන මහතා  නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස අනෝමා ගමගේ මහත්මිය දිවුරුම් දුන්නාය.

Read More

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දෙති

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දී අැත. දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස හේමාල් ගුණසේකර මහතා දිවුරුම් දී තිබේ. මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාර ලෙසත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස රංජිත් කීර්ති තෙන්නකෝන් මහතාද දිවුරුම් දී අැත.

Read More

A/L විභාගය අද ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය අද (05) ආරම්භ වෙයි. විභාගය අගොස්තු 31 දක්වා  පැවැත්වීමට නියමිතය. විභාගය අද පෙ:ව:8:30 ට ඇරඹෙයි. නියමිත වේලාවට මිනිත්තු 30කට පෙර පැමිණෙන ලෙස, සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි අපේක්ෂකයින් 337,704 දෙනෙකු මධ්‍යස්ථාන 2,678කදී මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටියි. ඔවුන්ගෙන් 198,229 දෙනෙකු මෙවර පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ය. පෞද්ගලික අයදුම්කරුවන් ගණන 74,789කි

Read More