එක ලඟින්ම

වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා එක ලඟින් මේ අසුන්ගෙන සිටින්නේ  බෙල්ලන්විල රාජමහා විහාරයේ ,යතිවර සමරු පහය, ගුණානුස්මරණ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයේදීය. බෙල්ලන්විල විහාරස්ථානයේ හිටපු විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල සෝමරතන නායක හිමිපාණන් වහන්සේ සහ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන් වහන්සේ ගුණානුස්මරණය කිරීම වෙනුවෙන් මෙම නව මන්දිරය ඉදි කර තිබේ.  

Read More

සහරාන් සමග පුහුණුව ලැබූ JMI අනුරාධපුර නායකයා අත්අඩංගුවට

තහනම් ත්‍රස්ත සංවිධානයක් වන තවුහිත් ජමාත් ක්‍රියාකාරික සහ “ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම්” සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක මොහොමඩ් ස්මයිල් මොහොම්මද් සල්මාන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කහටගස්දිගිලිය සම්පත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අම්පාර පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බස් දෙකක් ගැටී 6ක් මරුට

කළුතර වස්කඩුව ප්‍රදේශයේදී දී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින්, 06 දෙනෙකු මියගොස්, 52ක් තුවාල ලබා ඇත. අනතුරෙන් මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු, කාන්තාවන් 03 දෙනෙකි. තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් 43 දෙනෙකු, කාන්තාවන් 8 දෙනෙකු හා කුඩා දරුවෙකු සිටී.

Read More