රන්ජන්ගේ ප්‍රකාශය ගැන හොයන්න අගමැතිගෙන් කමිටුවක්

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය විෂයයෙහි දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර ඇති වීඩියෝ පිළිබඳව විමර්ෂණය කරලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ය. රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශ හා එළිදක්වා ඇති වීඩියෝ පිළිබඳව විධිමත්…

Read More

වෛද්‍ය ශාෆිට ඇප

බන්ධනාගාර ගතව සිට කුරුණෑගල අධිකරණය වෙත ඉදිරිපත් කළ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ශාෆි ෂෙහාබ්ඩීන් ඇප මත මුදාහැරීමට අධිකරණය අද (25) නියෝග කළේය. කාන්තාවන්ට  වඳ සැත්කම් සිදු කිරීම හා අයතා ලෙස මුදල් හා දේපළ රැස්කිරීම පිළිබඳව ඔහුට චෝදනා එල්ලවී තිබේ

Read More

අහිමිවීම

නීති විරෝධීව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා බාරයට ගන්නා ලදී. ඡායාරූපයේ දැක්වෙන්නේ එහි ඔවුන් විසින් අල්ලන ලද මසුන් යාත්‍රාෙව් බිම දමා ඇති අයුරුය

Read More

සීමාව පැන්න අසල්වැසියන්ට සිදුවූ දේ

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා බාරයට ගන්නා ලදී. උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාවක් මඟින් කොවිලම් ප්‍රදිපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධි ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදි මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. ඒ අනුව, නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාව මඟින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්ථමේන්තුවට අයත් යාත්‍රාවක් වෙත බාරදීමට…

Read More

අධිකරණයෙන් නිදහස ලැබ

නීති විරෝධි ලෙස පුද්ගලයෙකු විසින් ලඟ තබා ගන්නා ලද කැස්බෑවෙකු මල්ලක්කම්, මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත සාගරයට මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කළේය. සැකකරු ඉලවාලි, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මල්ලක්කම්, මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, අධිකරණය මඟින් එම කැස්බෑවා සාගරයට මුදා හැරීමට නියෝග ලබාදී ඇත

Read More

ලතීෆ්, ඉලංගකෝන් අද විශේෂ කාරක සභාව හමුවට

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාව අද (25) පෙරවරු 10.00ට යළි රැස්විමට නියමිතව ඇත. අද දිනයේ කාරක සභාව හමුවේ පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා සහ හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා සාක්ෂි දීමට නියමිතය.

Read More