නුවන් කුලසේකර ජාත්‍යන්තර තරගවලින් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය⁣මේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත. 2003 වසරේ එංගලන්තය සමග එක්දින වරම් හිමිකරගත් ඔහු එක්දින තරග වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනියට වැඩිම කඩුලු  ලැබු වේග පන්දු යවන්නාය.  ඒ තරග 184කදී කඩුලු 199ක් ලබා ගනිමිනි. කෙසේ වෙතත් කුලසේකර එක්දින තරගයක් අවසන් වරට ක්‍රීඩා කර ඇත්තේ  2017 ජුලි මස සිම්බාබ්වේ සමගය. T20 තරග වල ලංකාව වෙනුවෙන් දෙවනියට වැඩිම කඩුලු ලබාගෙන ඇත්තේද නුවන් කුලසේකරය.

Read More

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව හතුරුසිංහ ඇතුළු පුහුණුකාර මණ්ඩලයම ඉවත් කරයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව එළැඹි තීරණයක් අනුව  චන්දික හතුරුසිංහ ඇතුළු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයට එළඹෙන බංග්ලාදේශ තරගාවලියෙන් පසු ඔවුන්ගේ ධුරවලින් ඉවත් වන්නැයි දැනුම් දෙන ලෙස කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මීට පෙර උපදෙස් දී තිබුණ බව සදහන් වේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සෙසු පුහුණුකරුවන්ටද ඔවුන්ගේ ධුරවලින් ඉවත් වන ලෙස දැනුම්දීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත්තේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වන්නැයි චන්දික හතුරුසිංහ වෙත නිල වශයෙන් දැනුම්දීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.  

Read More

අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාවක් දෙමාපියන්ට සැර වචන වලින් සලකයි

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ ඉන්න ගුරුවරුන් වැඩි පිරිසක් හරියට වැඩ කරන්නේ නැහැ. ඒක මම දන්න නිසා මගේ දරුවනුත් ටියුෂන් පන්ති යවල තමයි, උගන්නන්නේ යැයි අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කළා යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් වයි වික්‍රමසිරි මහතා ප්‍රකාශ කළේය. මේ අම්මල තාත්තලටත් මම කියන්නේ හොඳ ටියුෂන් පන්තියක් තෝරාගෙන දරුවන්ට උගන්වන්න යනුවෙන්ද කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාව ප්‍රකාශ කළා යැයි දෙමව්පියන් මෙහිදි පෙන්වා දුන්නේය. අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් රැසක පවතින ගුරු හිගය පිළිබදව අධ්‍යාපන කලාප අධ්‍යක්‍ෂිකාවට පැමිණිලි කිරිමට ගිය අවස්ථාවේ දී ඇය ඉහත ප්‍රකාශය කල බව දෙමාපියෝ…

Read More

ගෝඨාභය යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිමට  සිංගප්පූරුව බලා ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ලංකාවට පැමිණ ඇත. සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් ඊයේ(23) රාත්‍රී 11.45ට පමණ ඔහු  කටුනායක  ගුවන්තොටුපලට  පැමිණ තිබේ.  

Read More