පාස්කු ප්‍රහාරයට තෙමසයි කටුවාපිටිය යළි විවෘතයි

අප්‍රේල් 21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක් වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මාස තුනකට පසුව අද යළි බැතිමතුන් වෙනුවෙන් විවෘත කෙරිණ.

දහසකට අධික බැතුමතුන් පිරිසක් අද පෙරවරුවේ දේව මෛහෙයට එක්ව සිටි අතර දේවස්ථානය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා තිබිණ.

ප්‍රහාරයෙන් තෙමසකට පසු යළිත් දේවස්ථානය බැතිමතුන් වෙනුවෙන් විවෘත කෙරුණු අද, දේවස්ථානයේ මුල්පෙළ අසුන් ප්‍රහාරයෙන් තවමත් තුවාල ලබා සිටින පිරිස් වෙනුවෙන් වෙන් කර තිබීම ද විශේෂත්වයකි.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ උදෑසන දේව මෙහෙය පෙරවරු 8.30 ට පමණ ආරම්භ විය.

ප්‍රතිසංස්කරණය කරන ලද දෙව්මැදුර අගරදගුරුතුමන්ගේ මුලිකත්වයෙන් කැප කෙරුණේ ඉන් අනතුරුවයි.

📷 – රුවිනා කමන්ති

278total visits,2visits today

Related posts

Leave a Comment