වාසනාව

නවසීලන්තය පරාජයට පත් කරමින් ලෝක කුසලාන අවසන් මහ තරගය ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම ඊයේ (14) සමත් විය. එංගලන්තය ජයග්‍රහණයකලේ  අවසන් තරගයේදී ඔවුන් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් සංඛ්‍යාව නවසීලන්ත පිලට වඩා වැඩිවීම හේතුවෙනි. ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයකදී ඒ අයුරින් කණ්ඩායමක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය තම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 241ක් රැස් කළහ.  නවසිලන්තය පන්දු ඕවර 50 තුලදී හතරේ පහරවල් 14 සහ හයේ පහරවල් 02 ක් එල්ල කිරීමට සමත් වුහ.

ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය  එංගලන්තය පන්දුවාර 50 අවසානයේදී සියලුදෙනා දැවී ලකුණු 241ක් ලබා ගනිමින් නවසීලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව සම කිරීමට සමත්විය. එහිදී එංගලන්ත පිතිකරුවන් සිය ඉණිම තුලදී හතරේ පහරවල් 22ක් සහ හයේ පහරවල් 2ක් එල්ල කර තිබුනා.

කණ්ඩායම් දෙකම සම ලකුණු රැස් කිරීම හේතුවෙන් තරගයේ තීරණය ලබා ගැනීම සඳහා “සුපිරි ඕවරය” අවස්ථාව උදාවූ අතර, පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම එහිදී ලකුණු 15ක් රැස් කරගනු ලැබීය..

තරගය ජය ගැනීමට ලකුණු 16 ක් රැස් කිරීමට නවසීලන්ත කණ්ඩායමට සිදුවූ අතර ජෝෆ්ර ආචර් විසින් යැවු සුපිරි ඕවරයේ පළමු පන්දු 5 තුලදී ලකුණු 14ක් ලබා ගත් නවසීලන්ත පිතිකරුවන් යුගලයට අවසාන පන්දුවේදී තරගයේ ජයග්‍රහණය සඳහා රැස් කිරීමට අවශ්‍යව තිබුනේ ලකුණු 02ක් පමණි.

නමුත් අවසාන පන්දුවේදී මාර්ටින් ගප්ටිල් පළමු ලකුණු ලබා ගෙන දෙවන ලකුණ කරා දිව යාමේදී ඔහුව දුවද්දී දවා ගැනීමට ජෝස් බට්ලර් සමත්වීමත් සමග සුපිරි ඕවරයේදී ද දෙපිලම ලබා ගත් ලකුණු සංඛ්‍යාව සමවිය.

ඒ අනුව සුපිරි ඕවරයේදී කණ්ඩායම් දෙකේ ලකුණු සමවීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතියට අනුව වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවක් (26-17) එල්ල කරනු ලැබූ එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායම ලෙස ප්‍රකාශ කෙරිණි.

තරගයේ වීරයා ලෙස බෙන් ස්ටොක්ස් නම් කරනු ලැබූ අතර තරගාවලියේ වීරයා නවසිලන්ත පිලේ නායක කේන් විලියම්සන්ය

1975 වර්ෂයේදී ආරම්භකල ලැබූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ගතවූ වසර 44  තුල අවසන් තරගයක තීරණය ලබා ගැනීම සඳහා සුපිරි ඕවරය අවස්ථාව දක්වා පැමිණි පළමු අවස්ථාව මෙය වූ අතරම ඉන් ද තීරණයක් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාව එල්ල කරනු ලැබූ කණ්ඩායම ලෝක ශුරයින් බවට පත්වූ අවස්ථාව ලෙස මෙම තරගය ඉතිහාස ගතවේ.

329total visits,1visits today

Related posts

Leave a Comment