මඩුගල්ල හා ධර්මසේන යළි තරගබිමට

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට එක්වන විනිසුරු මණ්ඩලය සහ තරග තීරකවරයා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් අද (12) ප‍්‍රකාශයට පත්කළේය. ඒ අනුව රන්ජන් මඩුගල්ල අවසන් මහ තරගයේ තරග තීරක ලෙස පත්කර තිබේ. කුමාර් ධර්මසේන පිටියේ විනිසුරුවරයෙකු ලෙස පත්කර ඇත.

ලෝක කුසලාන කි‍්‍රකට් ඉතිහාසයේ අවසන් මහ තරගයක රන්ජන් මඩුගල්ල තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන සිව්වන අවස්ථාවටයි. ඔහු මීට පෙර 1999, 2003 සහ 2015 යන වසරවල පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගවල තරග තීරකවරයා ලෙස කටයුතු කළා. ඒ අනුව රන්ජන් මඩුගල්ල කි‍්‍රකට් ඉතිහාසයේ ලෝක කුසලාන අවසන් මහ තරග වැඩිම සංඛ්‍යාවක තරග තීරකවරයා වශයෙන් කටයුතු කළ තරග තීරකවරයා කි‍්‍රකට් වාර්තා පොත් අතරට එක්ව සිටියි.

කුමාර් ධර්මසේන එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ අවසන් මහ තරගයක් සදහා පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන දෙවන අවස්ථාව මෙය වනවා. අවසන් වරට 2015 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ පිටියේ විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කළේය.

288total visits,1visits today

Related posts

Leave a Comment