ෂාෆි යළි රිමාන්ඩ්

අධිකරණය හමුවට ඉදිරිපත් කළ වෛද්‍ය මොහොමඩ් ෂාෆි ලබන 25 දක්වා රිමාන්ඩ් කරන ලෙස ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අද (11) නියෝග කලේය.

අයතා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනාවල බරපතලකම සහ මහජන කැලඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරන⁣ බව මහේස්ත්‍රාත්වරයා පැවසුවේය.

මෙම වෛද්‍යවරයා ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දුන් බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

261total visits,3visits today

Related posts

Leave a Comment