මම ඉල්ලා අස්වෙන්නේ නෑ – හතුරුසිංහ පවසයි

පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට තමන්ට තදින්ම බලපෑම් කෙරෙන නමුත් තමන් තනතුරෙන් ඉල්ලා අස් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි. ඊයේ පෙරවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී හතුරුසිංහ මහතා එසේ කියා සිටියේය.

කෙසේ වෙතත් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ජාතික පුහුණුකරුවා තනතුරෙන් ඉවත් නොවන්නේ නම් ඔහුට ඉහළින් උපදේශකවරයකු පත්කරන බවයි.

කොළඹදී අද පැවැති පුවත් පත් සාකච්ඡාවේදී හතුරුසිංහ මහතා අවධාරණය කර සිටියේ තමන් තනතුරෙන් ඉවත් නොවන බවත් ක්‍රීඩකයන්ගෙන් මීට වඩා යමක් බලාපොරෙත්තු වන බවත්ය.

“මට තවත් මාස 16 ක් තියෙනවා. මගේ ගිවිසුම අවසන් වෙනකම් මම තනතුරේ රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා” යයි ද හතුරුසිංහ මහතා පැවසීය.

171total visits,1visits today

Related posts

Leave a Comment