අවිශ්ක මැතිව්ස් මාලිංග ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණීමට සමත් වී තිබේ. අවිශ්ක මේ වන විට එම සටහනේ 85වන ස්ථානයේ පසු වෙයි.

ඉන්දියාවට එරෙහිව ශතකයක් වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 02ක් ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව මැතිව්ස් එම සටහනේ පසුවන්නේ 34 වන ස්ථානයේයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ලසිත් මාලිංග එක්දින පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 11ක් ඉදිරියට පැමිණ තිබේ.  ඒ අනුව මාලිංගට හිමිව ඇත්තේ 33වන ස්ථානයයි.

144total visits,1visits today

Related posts

Leave a Comment