අධිකරණයට අවශ්‍යව සිටි සේනාධිපති – දියබලන රට පනී

 

“පාවෙන අවි ගබඩාවක්” පවත්වාගෙන යෑමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කර සිටි ‘ඇවන්ට් ගාඩ් මෙරිටයිම්’ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ‍්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ රටින් පිටව ගොස් ඇති බව රහස් පොලිසිය විසින් හෙළි කරගෙන තිබේ.

ඊයේ (4) ඔවුන්  සිංගප්පුරූව බලා පිටව ගොස් ඇති බව රහස් පොලිසිය විසින් හෙළි කරගෙන ඇත. ඒ බව රහස් පොලිසිය විසින් නීතීපති  දප්පුල ද ලිවේරා මහතාට වාර්තා කර ඇත.

‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළකාලන්නැයි ඉල්ලමින් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ  විමසන අවස්ථාවේදී ඔවුන් රටින් පිටව ගොස් ඇති බවද රහස් පොලිසිය විසින් වැඩිදුරටත් හෙළි කරගෙන ඇත.

327total visits,2visits today

Related posts

Leave a Comment