ස්ථාන කීපයකට තද වැසි

දිවයින හරහා සු‍ළඟේ වේගය ඉහළ යාම සහ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරියේදී  ද තවදුරටත් බලා⁣පොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ‍පවසයි.

බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව,  ඌව, වයඹ, උතුරු මැද  පළාත්වලත් ත්‍රිකූණාමලය දිස්ත්‍රික්කයේ ත් විටින් විට තද සුළං ඇති විය හැකියි.

බස්නාහිර,දකුණ, සබරගමුව,මධ්‍යම,  පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් ඇති විය හැකියි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ක පමණ වැසි ඇති විය වෙයි.

කොළඹ, ‍ගාල්ල හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ක පමණ තරමක් වැඩි වර්ෂාපතනයක් ද ඇති විය හැකියි.

 

152total visits,1visits today

Related posts

Leave a Comment