නව ජනපති දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දුන්නේය. ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණෙයන් ඡන්ද 6,924,255 (52.25% ) ක ඡන්ද ප්‍රමාණයක් ලබා ජයගත් අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස තරගවැදුනු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත්තේ ඡන්ද 5,564,239 (41.99%) ක් පමණි.

Read More

ගෝඨාභයට සුභපතමින් සජිත් තනතුරු අතහරී

ශ්‍රී ලංකාවේ 7වැනි ජනාධිපතිවරයා ලෙසින් තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට තම සුබපැතුම් එක්කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ උප නායක තනතුරෙන්ද ඉල්ලා අස්වන බව ප්‍රේමදාස මහතා ලිපියක් මගික් වැඩිදුරටත් පවසයි වසර 26ක දේශපාලන දිවියට මෙන්ම තමන් මත විශ්වාසය තබා තමන් වෙනුවෙන් ඡන්දය භාවිත කළ සෑමදෙනාටම සිය ස්තූතිය පුදකරන බවත් ඉදිරි සති කිහිපයේදී සිය ජනපති අපේක්ෂාව සහාය පළකල සියලුදෙනා, තමා වෙනුවෙන් පෙනී සිටි ජනතාව හා සිය ආදරණීයයන් සමගින් සාකච්ඡා කර දේශපාලන දිවියේ අනාගතය සම්බන්ධයෙන් ගන්නා තීන්දුවට එළඹෙන…

Read More

චමල්, වෙල්ගම නාමයෝජනා නෙදෙයි

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙක් නාමයෝජනා බාර දී තිබේ. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අැප තැන්පත් කළ චමල් රාජපක්ෂ මහතා සහ කුමාර වෙල්ගම අැතුළු 6 දෙනෙක් නාමයෝජනා බාර දී නොමැත. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා 41 දෙනෙක් අැප තැන්පත් කර සිටි අතර නාමයෝජනා භාරගැනීම අද(07) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා සිදුවිය.

Read More

සෙත්සිරිපායෙන් වැටී අයෙක් මරුට

බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12වන මහලේන් ඇද වැටිමෙන් පුද්ගලයෙකු මිය ගොස් අැත එහි සේවකයෙක් වන මෙම පුද්ගලයා අද (07) උදෑසන 7- 8 අතර කාලය තුළ ගොඩනැගිල්ලේ 12වන මහලේ සිට 3වන මහලේ ඇති එළිමහන් පිටයට ඇද වැටි තිබුණි.

Read More

ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගනී

නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද(07) සිදුකිරීමට නියමිතයි. අද පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී නාමයෝජනා භාරගැනීම සිදුකිරීමට නියමිතය. නාමයෝජනා වෙනුවෙන් විරෝධතා දැක්වීම සදහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව හිමි වෙයි මෙවර ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ඊයේ මධ්‍යහ්න 12 න් අවසන් වු අතර අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත. පිළිගත් දේශපාලන පක්ෂ 19කින්, ස්වාධීන කණ්ඩායම් 19කින් සහ වෙනත් පක්ෂ 03කින් අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කර තිබුණි.

Read More